මංමුලා වෙලාmanmulaa welaa

Man Mula Wela

Lyrics

(මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා...//)
වේය සිතේ සෝකෙන්
මේ ආලෙන් මේ බීමෙන්
විනාසෙ වැටි වැනසෙනවා සැමා
මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා

රූපෙට රැවටිලා ඇති සිත රාගෙන්
නාස්ති කළේ ඇයිද වැරදී තාලෙන්
මිහිරි විනෝදේ බොහෝ සේ 
වින්දේ තේරී තේරී වේදනා

මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා

ජීවිතේ මේකද නැහැ තව තේරී
මේ ලොව සිහිනෙකි මායාකාරී
මිහිරි රස මිහිරි
වූ රාගේ වින්දේ ඇයිද විස ලෝකයා

මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා

මේ ලෙස ඇයි ඔබ ලෝකෙ මුලාවී 
ආදර මිහිරි විනෝදෙ එපා වෙලා 
මායා මේ මායා
දැලෙහි පැටලී වෙලීල ඇයි අනේ

(මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා...//)
වේය සිතේ සෝකෙන්
මේ ආලෙන් මේ බීමෙන්
විනාසෙ වැටි වැනසෙනවා සැමා
මංමුලා වෙලා අඳුරෙ මේ
යන්නෙ කොහෙ දැන් අප සැමා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.