මං ලොවේ සුපෙම් ළඳක් (මංගල්ලේ)man lowee supem landak (mangallee)

Man Lowe Supem Landak (Mangalle)

Lyrics

මං ලොවේ සුපෙම් ළඳක් 
යෞවනේ බඹරෙකුට සිත ඇදී 
මහ බඹුන් කෙටූ ලෙසින් 
දෑඟිලි රන් හූයෙන් බැඳී...

හිරු රජුන් අහස් තලේ 
ප්‍රේමයෙන් සඳ රැජිණ හා වෙලී 
එක්වුණා පෙරුම් පුරා 
රන් රසේ හා වුණා ලෙසින් 

තුරු හිස මල් පිබිදේවි 
කිරි සයුරද කැළඹේවී 
සුබ නැකතද එළඹේවි 
අපගේ මංගල්ලේ...

ගස් පුරා ඵලයි මලයි 
සිත් සතන් තුටින් හැඟුම්බරයි 
දොර දොරේ පහන් වැටයි 
ආසිරි ගීතිකා ඇසෙයි 

තුරු හිස.....

මගේ ලොවයි ඔබේ ලොවයි 
වෙනස් වී දැන් අපේ ලොවයි 
මගේ සිතයි ඔබේ සිතයි 
එක්වෙලා ඇත්තේ එක සිතයි...// 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.