මං ඉතාලියේ තනි වුනාman ithaaliyee thani wunaa

Man Ithaliye Thani Una

Music:
ධනපාල උඩවත්තdhhanapaala udawaththa
Lyrics:
ධනපාල උඩවත්තdhhanapaala udawaththa

Lyrics

සිරකුසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා
ප්‍රොන්තො මං ඉතාලියේ තනි වුනා
ක්‍රෝනො මං ඉතාලියේ තනි වුනා...

පෑදුවා මෙත් පිලේ සේදුවා පව් ජලේ
පා දුවා පල්ලියේ අන්තෝනි මුනි දිලේ
බ්‍රෙසීකා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ
ඉතාලියේ පීසා කුළුණ හමුවුනා
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා...

සිරකුසා සිසිලියා.....

මේ සෘතුවේ මිලානෝ සීතලයි
ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි
ධූම පල්ලියේ දේව හාස්කම් රැසයි
ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි
එට්නා ගිනි කන්ද ඇවිලුනා
හිත නිවාගන්න තවම බැරි වුනා....

සිරකුසා සිසිලියා දූපතේ කතා නියා....//
(අල්ලෝරා මං ඉතාලියේ තනි වුනා
චාවො මං ඉතාලියේ තනි වුනා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.