මං හිටිය තැනමයිman hitiya thaenamayi

Man Hitiya Thanamayi

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

සිනහා වෙලා පෙර දිනෙක මට ළං වුණෙත් ඔබමයි
තරහා වෙලා පිට කෙනෙක් ලෙස වෙන් වුණෙත් ඔබමයි
හීනයක් වගෙයි ලෝකයට මගේ ලොවේ ඇවිත් ගියේ ඔබමයි
(මං හිටිය තැනමයි.....//)

ආදරෙන් ඔබ රැකබලා මම හිටිය හින්දා
මා දමා හැර යයි කියා දැනුනේ නෑ කිසිදා
හීනයක් වගෙයි ලෝකයට මගේ
ඇවිත් ගියේ ඔබමයි 
(මං හිටිය තැනමයි.....//)

යාළුවෙක් වගේ ඉමු කියා වෙන් වුණත් පෙරදා 
කොහොම ඉන්නද දිවිතුරා නැතිව ඔබ අද මා
හීනයක් වගෙයි ලෝකයට මගේ
ඇවිත් ගියේ ඔබමයි 
(මං හිටිය තැනමයි.....//)

සිනහා වෙලා.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.