මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් man hinda obeman hindhaa obe nethangin kandulak man hinda obe

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් man hinda obe

Lyrics

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා

අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා

අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී
ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ
පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.