මං හඬපු හැමදාමman handapu haemadhaama

Man Handapu Hamadama

Music:
දිලුම් & සමීරdhilum & samiira
Lyrics:
දිලුම් පීරිස්dhilum piiris

Lyrics

මං හඬපු හැමදාම නුඔ හිටියා සනසන්න
දුක දැනෙන මතුදාට සනසන්න නුඔ කොහෙද
හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නේ ඔය මුහුණ
වාවන්න බැහැ තාම නිදි නෑනේ මුළු රෑම...

පපු තුරුලේ නිදියාපු ඔබ ඉන්නේ දැන් කොහෙද
අපි දෙන්නා ගොඩ නගපු පෙම් හීන අද නැද්ද
වෙන්වෙන්න හිතුවාට දුර ආවා වැඩි නැද්ද
(හීනෙන් ඇවිත් යන්න ඔබ එන්නේ කවදාද...//)

මං හඬපු හැමදාම...

හිත ඇතුලේ කකියාපු දුක කීවේ නැහැ තාම
බොද වෙච්ච පෙම් හීන සිහිවෙන්නේ ඇයි මෙහෙම
ළං වෙන්න හැදුවාම හැර යන්න දුක නැද්ද
(ආලෙන් වෙලී ඉන්න ඔබ එන්නේ කවදාද...//)

මං හඬපු හැමදාම...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.