Lyrics
මං දුටු හීනෙකි නුඹෙන් වැසුණු ජීවිතේ
මං දුටු හීනයේ නුඹයි මැවුව ආදරේ
වහිනා සිතුවිලි වරුසාවක
නෙලනා කවි මල් පිනි කූඩෙක
තෙමී ගිලන් ඉමු සිත් මානෙට
සදා කල් නොආ තැන් වේවිද
ආදරේ මන්දිරේ පලිඟු තලාවක මං මැවුවේ
මං දුටු හීනෙකි නුඹෙන් වැසුණු ජීවිතේ
මං දුටු හීනයේ නුඹයි මැවුව ආදරේ
නුඹේ සඳු අතුරා පැතුම් පිපි සුව සාදනා
ආදරයේ පලිඟු මැදුරේ මං බලා ඉමි
නුඹේ සිනහා මල් අතුරා කවි පිනි යායට ඉහලා
ජීවිතේ සිහින පලසක් මං වෙලා දෙමි
බලා හිඳින මග ජීවිතේ
බලා පොරොත්තුව නොමියෙනා
සිහින පලස යට
හැන්ගේවිද ආදරේ උණුසුම සීතල වී
මං දුටු හීනෙකි නුඹෙන් වැසුණු ජීවිතේ
මං දුටු හීනයේ නුඹයි මැවුව ආදරේ