Lyrics
මං දුකින් තමයි ඉන්නේ කවුද මාව බලා ගන්නේ
අසරණ අනාථ පුංචි ළමයෙක් මං
මං පුංචි පැලක ඉන්නේ නිතර දුකින් තමයි කල් ගෙවන්නේ
අසරණ අනාථ පුංචි ළමයෙක් මං...
බස් නැවතුම් පොළ දුම්රිය පලවල
නිතරම ගැවසෙනවා
කීයක් හරි මට දෙන්නයි හමුවන
අයගෙන් ඉල්ලනවා වා...
පිටකොටුවේ මරදානේ බොරැල්ලේ
හිඟමන් ඉල්ලනවා
සමහර දින වල දාඩිය දාගෙන
බඩගින්නෙම එනවා වා...
එක ඉර හඳමයි කාටත් පොදු වේ
අහසේ පායන්නේ
දුප්පත් පොහොසත් වෙනසක් එහෙනම්
ඇයි මේ පවතින්නේ...