මං දැන් සංකාවෙන්man dhaen sankaawen

Man dan sankawen

Lyrics

නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නේ 
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලෝකේ 
දෑසත් සිතත් රහසේ  හැඩුවා තාමත් ඔබව සිහි වී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන් ගිහින් වෙන් වී 
	
කොහා ගැයූ ගී රැවූ දෙයි බක්මාසේ වෙල ලන්දේ
මිහිරක් නෑ කොහොමත් සැනසීමක් සිතේ මාගේ
දෑසත් සිතත් රහසේ  හැඩුවා තාමත් ඔබව සිහි වී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන් ගිහින් වෙන් වී 

මාගේ පැතුම් බොඳ වී බිඳුනා දෑසට කඳුල හිමි වී 
සිතක් නෑ වාගෙයි ආවත් ගමේ ඔබෙන් වෙන් වී 
ඈතින් ඉදන් නොපෙනී සැමදා තාමත් ඔබව සොයමි
රිදුම් දෙයි ජීවිතය මේ මගේ තනිව හිදිමි 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.