මං බොළඳ වියේ බැඳි ආලේman bolanda wiyee baendi aalee

Man Bolada Wiye

Lyrics

මං බොළඳ වියේ බැඳි ආලේ.. ඔබ හා... ආදරෙන්...
කඳුළැල්, හසරැල්.. සතුටින් නැඟුවෙම්..
ඔබ හා... ආදරෙන්..//

ඈත රටක සිට අමතමි සොඳුරු සැඳෑවේ..
තනිය මකාලන්නයි ගී පදවැල් ලීවේ..
සිතක පැතුම් හද පුරවා..සීත සමීරේ..
මා සිතුමන් මුසු වේවි..මදනල අතරේ..

අතිනත් ගෙන බැඳි සෙනෙහස ඇත මා මතකේ...
සුරංගනා සිතිවිල්ලක තනි වී මෙලෙසේ..
සිතක පැතුම් හද පුරවා..සීත සමීරේ..
මතු දිනයක හමුවෙමු අපි මා පිය සොදුරේ..

මං බොළඳ වියේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.