මං බාලේ ඇති කළman baalee aethi kala

Man Bale Athi Kala

Lyrics:
විජය නන්දසිරිwijaya nandhasiri

Lyrics

ඕ..ඕ..ඕ..ඕ..ඕ...

මං බාලේ ඇතිකළ දරු පැටවුන්ට
සිදුවූ දේ බැරිය මට වාවාගන්ට
ඕ... ඕ...
පරදේසේ ගොසින් සිදුවිය කඹුරන්ට
රට හාලේ බතට ලුණු ඉහගෙන කන්ට...

ඕ..ඕ..ඕ..ඕ..ඕ...

අනේ දෙවියනේ මට වුනු වියෝයා
සොළී මහිමි මපුතුන් ගෙන ගියෝයා
ඕ... ඕ...
කුසේ ගිනි උඩට සිත ගිනි දනෝයා
රටේ රජුට ඇස් නැත කන් නැතෝයා...
ඕ..ඕ..ඕ..ඕ..ඕ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.