මං ආසයි හිනා වෙන්නman aasayi hinaa wenna

Man Aasai Hina Wenna

Lyrics

මං ආසයි හිනා වෙන්න
ජීවිතයම නුඹ එක්ක
නොවරදවා නුඹ එන විට සිනා මලක්
සිනා මලක් අරන් එන්න 

මං ආසයි යාළුවෙන්න
ජීවිතයම නුඹත් එක්ක //
නොවරදවාම නුඹ එන විට
ලෙන්ගතුකම අරන් එන්න
ලෙන්ගතුකම අරන් එන්න

මං ආසයි නුඹත් එක්ක
සෙනේහයේ සුව විඳින්න //
අද ඇවිදින් නුඹ යන්න 
තුටු කඳුළක් තබා යන්න
තුටු කඳුළක් තබා යන්න

මං ආසයි හිනා වෙන්න ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.