Lyrics
මම්ම නෝ පප්ප නෝ - ආප්ප කන්න තුට්ටු නෝ
දෙයියො දුන්න සල්ලි නෝ - ආලෙ බැන්ද නෝන කෝ
ප්‍රේමියේ මේ මගේ - කාසි නෑ මා අතේ
මේ මගෙ බරබාගෙ - දක්කමි හඳපානෙ
යන්නට ගමට අපේ - නැගපන් කරට මගේ
ආදරවන්තියේ මගේ
ආදර සුර මාළිගේ - ඉන්නෙමි මම පාළුවෙ
දහසක් පැතුම් පතා - ළදක් සොයනවා
තනියම වයසට යනවා - දවසක මමත් බඳිනවා
මැණිකක් මටත් ලැබෙනවා
නිදන්නෙ තනි යහනේ - හීන පෙනෙයි රෑ යාමේ
මැදියම් නිනදෙන් මම ගිටාර් ගහනවා
කුමරි සින්දු කියයි - ඇඳ උඩ ඩාන්ස් කරයි
අයියො මම බිමට වැටෙනවා