මම යන්නම්mama yannam

Mama Yannam

Music:
ස්ටැන්ලි පීරිස්staenli piiris
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

මම යන්නම් ඔබ කියන විටක යන්නම්
ඔබට නොපෙනෙන්නට සැගවී මම ඉන්නම්
මොහොතක් හෝ.....ඔබ දැකගනිමින් යන්තම්
ඒ වන තුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම්...//

වන මල් සුපිපෙණ අසපුව ඔබගේ හදවත
එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත...//

මම යන්නම්...//

සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත..
කෙටි කලකට වුව මට එහි ලොව්තුරු සුව ඇත...//

මම යන්නම්...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.