මම මොකුත් කියන්නෙම නෑමයිmama mokuth kiyannema naemayi

Mama Mukuth Kiyannema Na Mai

Music:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
Lyrics:
විතානගේ විමල්withaanagee wimal

Lyrics

මම මොකුත් කියන්නෙම නෑමයි
හිත රිදෙන කතන්දර බෝමයි
ඔබව තේරුම් ගන්නම බෑමයි
(වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...//)

මුදු සරා සඳේ සිහිළැල්ලේ
හිරු කිරණ ගෙනෙන අරුණැල්ලේ
(මුතු පින්න පිපුණ තණනිල්ලේ
හමුවුණා එදා සැනසිල්ලේ...//)

මම මොකුත්....

ඒ මිහිරි අතීතය නිමවී
නෙතු කඳුළු වලින් යමු වෙන් වී
(ඔබ ගියත් කෙනෙකු හා ළං වී
මා ඉන්නම් සැමදා තනිවී...//)

මම මොකුත්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.