මම මදිදmama madhidha

Mama Madida

Music:
සඳරුවන් ජයසිංහsandaruwan jayasinha
Lyrics:
කපිල සිල්වාkapila silwaa

Lyrics

සුදු සිනිඳු සේල ඇඳලා මාලේ 
ගෙල පළඳවලා පතිනිය වාගේ 
රන් පෝරුව මත ඉඳලා ආලේ
පුද දෙන්න තමා පෙරුමන් පිරුවේ
දුක උරුම වුණත් පෙරදා 
මම නිහඬ වෙලා හිටියා
ඔබ කවදා හෝ එනවා 
මම දින ගනිමින් උන්නා
ඔබ ඉවත බලා මාගෙන් මිදුනේ 
මම මදිද ඔයා හිතනා විලසේ

මගේ සුරතේ පැටලී පහසේ 
ඔබ උන්නු කාලේ පෙරදා
දෙතොලතරේ රැඳිලා සෙනෙහේ 
පුද දුන්නු ආලේ මදි නෑ
යන්නම් කියා සැඟවී ගියා 
ඉන්නම් සදා මතකේ දරා
(යලි නාවත් පෙරදාක වාගේ 
කවදාවත් තරහක්ම නෑනේ...//)

නෙතු මානේ පිපිලා රහසේ 
ඔබ උන්නා මගේ හද මැදුරේ
කුසුමතරේ එක කුසුමක් සේ 
රැවටිලිකාර බස් දුන්නු සෙනෙහේ
ඉන්නම් සදා තනියෙන් මෙදා 
සතුටින් ඔයා සිටිනා තුරා
(යලි නාවත් පෙරදාක වාගේ 
කවදාවත් තරහක්ම නෑනේ...//)

සුදු සිනිඳු සේල....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.