Lyrics
මම කඳුළු බිංදුවක්
සිතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක්
මම කඳුළු බිංදුවක්
දරු සෙනේහයෙන් මවක නෙතින් ගලා හැලුන
පිය වියෝගයෙන් විරහිණියක ඇසින් මිදුන
මේ කඳුළු බිඳක නමක් ගමක් ලියා තියෙනවද
රළු පරළු කුරිරු හදක් වෙඩරු වී වැගිරෙන
ගිනි ගැනුනු සෑය මල් දෙකොපුල රූරා එන
මට එකතු වෙන්න ඔබේ ඇහෙත් කඳුළු තියෙනවද