Lyrics
මම ඉරක් වෙලා පායන්නම්
පියුම් විලේ ඔබ පිපෙනවානම්
රළ පෙළක් වෙලා දිව එන්නම්
වෙරළ වගේ ඔබ ඉන්නවනම් //
වෙරළ වගේ ඔබ ඉන්නවනම්
හිනා වුණා ඇති නම්
මං වැස්ස වගේ ඔබ හඬවන්නම්
දරා ගන්න බැරි නම්
දුක තුරුලේ හොව ඔබ නලවන්නම්
මම ඉරක් වෙලා...
පමා වුණා වැඩි නම්
හීත හුළඟ වගේ අරගෙන යන්නම්
මුලා වුණා නම්
දිනක රැහැන් මුදා ඔබ හැරලන්නම්
මම ඉරක් වෙලා...