මම හීනයක්mama hiinayak

Mama Heenayak

Music:
නලින් පෙරේරාnalin pereeraa
Lyrics:
මධුෂානි සාරුකලිmadhhushaani saarukali

Lyrics

මම හීනයක් ඔයා තරු කැට ගැන්නා
නුඹ හීනෙකින් වගේ මගේ හිතේ රැඳුණා
සංසාර මග දිගේ අපි පියමැන්නා
හීනයෙන් හීනයට නුඹ හුස්ම දුන්නා........

ඔය නෙතු අස්සේ හැංඟෙන්නම හිතුණා
ඔබේ හිත මත්තේ මගේ හීනය පිපුණා
වල ගැහෙන කම්මුලේ ආදරය දැනුණා
මට දෙන්න ජීවිතේ නුඹ ළඟ තිබුණා........

නෙත කඳුලැල්ලේ උරතලය පෙඟුණා
දඟ කෙහෙරැල්ලේ හිත පියාසැලූවා
මුදු අතැඟිල්ලේ දෙහිතක් ගැට ගැහුණා
තනි පාට ජීවිතේ නුඹ පාට කෙරුවා.......

මම හීනයක්........
(හීනයෙන් හීනයට නුඹ හුස්ම දුන්නා........///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.