මම එන්නේ ඩුබායිmama ennee dubaayi

Mama Enne Dubai

Lyrics

මම එන්නේ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
හරි ලස්සන පොඩි ගෙයක් හදලා 
ටිවී රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
මගේ අතේ මිටේ සතේ නැතිව 
ඉල්ල ගන්න කෙනෙක් නැතිව 
හිතේ අමාරුවෙන් හිටියේ මං
මම එන්නේ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි

(එරන්දතී මට කැමැත්ත දු‍න් නැහැ
අම්මලා තාත්තලා මුණ බැලුවේ නැහැ...//)
දැන් දැන් මං ගැන හොයනවා බලනවා
මොකද්ද වෙනසක් වෙලා තියෙනවා...

මම එන්නේ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
හරි ලස්සන පොඩි ගෙයක් හදලා 
ටිවී රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මා ලඟයි

(මං එනතුරු සිවු වසරක් හිටියලු
මට ජය ලැබෙන්ට ආසිරි පැතුවලු...//)
පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
අහක බැලුවේ ඇයි හිත රිදෙනවාලු.....

මම එන්නේ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
හරි ලස්සන පොඩි ගෙයක් හදලා 
ටිවී රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මා ලඟයි

(මංගල යෝජනා දවසට දෙකතුන
නැන්දලා මාමලා ආවද කොපමන...//)
අඩම්බරකම් මොනවට පෙන්වන
එහෙනම් මගේ හිත එරන්දතී ගැන....

මම එන්නේ ඩුබායි.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.