මම එන්නේ ඩුබායිmama ennee dubaayi

Mama Enne Dubai

Music:
M S ප්‍රනාන්දුm s pranaandhu
Lyrics:
M S ප්‍රනාන්දුm s pranaandhu

Lyrics

මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ළඟයි
හරි ලස්සන පොඩි ගෙයක් හදලා 
ටිවී රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මා ළඟයි
මගෙ අතේ මිටේ සතේ නැතිව 
ඉල්ල ගන්න කෙනෙක් නැතිව 
හිතේ අමාරුවෙන් හිටියෙ මං
මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ළඟයි...

(එරන්දතිය මට කැමැත්ත දු‍න් නැහැ
අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ...//)
දැන්නම් හොයනව දුක සැප අහනවා
මොකද්ද වෙනසක් සිදුවෙලා තියෙනව...

මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ළඟයි

(මම එනතුරු සිවු වසරක් හිටියලු
මට ජය ලැබෙන්න ආසිරි පැතුවලු...//)
පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
අහක බැලුවේ ඇයි හිත රිදෙනවාලු.....

එන්නෙ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ළඟයි

(මංගල යෝජනා දවසට දෙකතුන
නැන්දලා මාමලා ආවද කොපමණ...//)
ආඩම්බරකම් කුමකට පෙන්වන
එහෙනම් මගේ හිත එරන්දතී ගැන....

එන්නෙ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ළඟයි
හරි ලස්සන පොඩි ගෙයක් හදලා 
ටිවී රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මා ළඟයි
මගෙ අතේ මිටේ සතේ නැතිව 
ඉල්ල ගන්න කෙනෙක් නැතිව 
හතේ හත වැදිල හිටියෙ මං
මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ළඟයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.