මම දුප්පත් නිසාmama dhuppath nisaa

Mama Duppath Nisa

Music:
නිලාන් සාලින්දnilaan saalindha
Lyrics:
දමිත් තරංගdhamith tharanga

Lyrics

මම දුප්පත් නිසා ඔබ මා හැරගියත් තරහා නෑ මා සදා
දුර ඈතට වෙලා සිත තනිකඩ වුණා
ඔබ දන්නේ නෑ රත්තරන්
මතු භවයේදී ඔබේ වෙන්න පින් මදි ඇති
ඉන්න සතුටින් සුවෙන් සසර නිවෙනා තුරා
සසර නිවෙනා තුරා.......

වරමක්ද මේ දෙවියන් පිදු ලැබුණේ ඔයා විටෙකින් සිතු
පවනක් වුණේ මගේ ආදරේ එදා 
ඔබට නොවෙදෝ ළඳේ පවසනු මැනේ
මතු භවයේදී ඔබේ වෙන්න පින් මදි ඇති
ඉන්න සතුටින් සුවෙන් සසර නිවෙනා තුරා
සසර නිවෙනා තුරා.......

මා මියෙන බව ඔබ දැන දැන ඔයා
කඳුළු උල්පත මැද මා තනිකළා
මතු භවයේදී ඔබේ වෙන්න පින් මදි ඇති
ඉන්න සතුටෙන් සුවෙන් සසර නිවෙනා තුරා
සසර නිවෙනා තුරා.......

මම දුප්පත්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.