මල්සර හී සරින් ඇස් පිල්ලම් යටින්malsara hii sarin aes pillam yatin

Malsara Hee Sara

Lyrics

මල්සර හී සරින් - ඇස් පිල්ලම් යටින් 
රින්ගා කාටත් හොරෙන් 
කවුරුත් නති සිත් මලින් 
ඉල්ලන්නෙ මා ඔබෙන් දෙනවාද මා හට 
දෙනවාද මට ආදරේ 

මල්සරාගෙ දුන්න වැරදී 
මටම වැදුනාදෝ 
පාලු නගරේ ඉන්න ආසයි 
ඉඩක දෙනවාදෝ 
දිගන්තයකින් අනන්තෙට යන 
පාර ලග ඉන්නම් - ඔබට ලන්වී

හදේ දොරටුව ලගට ඇවිදින් 
සිතද ඉල්ලන්නේ
මගේ නගරේ තවත් කෙනෙකුට 
ඉඩක් නෑ දෙන්නේ
වසර ගනනක් පෙරුම් පුරලා 
මැවූ මන්දීරෙ - මටම හිමි වූ

මල්සර හී සරින්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.