මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපාmalliye naraka mithuran pili ganta epaa

Malliye Naraka Mithuran

Lyrics

මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා
නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා

දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා
කල පව් මතක්  වී දෑසම තෙත් වෙනවා
සියක්  වාරයක්  මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා

ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.