මලින් පිරීගිය විසල් වනේmalin piriigiya wisal wanee

Malin Piri Giya

Lyrics

මලින් පිරීගිය විසල් වනේ
පියා සලා යන කුරුල්ලනේ
මගේ ප් ‍රියාදරි සොයා ගිහින්
හිතේ තියන දුක කියව් අනේ

ඇය දැක ගන්නට පිබිදුන නෙත් යුග
රෑ යාමෙත් නැ පියවෙන්නේ
සිසිල තුරුළු කර එනමුදු මද නල
ඇයගේ සුවදයි ගෙන එන්නේ

කරල් කපන කල දර අහුලන කල
දිය එන කල බඩවැටියේ
පියුමෙයි සිරවුන බඹරෙකු විලසට
මා ඇය ලග තනියට සිටියේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.