මලින් මලටmalin malata

Malin Malata

Lyrics

මලින් මලට බඹරු රැගෙන මේ සැන්දැවේ 
එයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේ...//
ආදරයේ සිත් පිබිදී එයි නල රැල්ලේ 
අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැදැවේ...//

අහස දිලෙන තරු යායට පාවෙලා යමු
තරුගොමුවේ මුත් සයුරක සැඟවිලා ඉමු 
අපිත් අපේ ලොවක මිහිරි සුවය ලබාගමු 
අපි දෙන්නා සැන්දෑවේ ගී පද ගයමු 

හනි හනිකෙට රැල්ල ඇවිත් වැල්ල සිඹිනවා 
රල අතරේ පෙන බින්දු අප ගත දැවටෙනවා
දවස ගෙවී රැයක අඳුර නෙතට දැනෙනවා 
අපි දෙන්න සැන්දෑවේ ගී මුමුණනවා

මලින් මලට.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.