මලේ මලේmalee malee

Male Male

Music:
තිසර බණ්ඩාරthisara bandaara
Lyrics:
අර්ජුන තරංගarjuna tharanga

Lyrics

මලේ මලේ මල වට පෙති නොරැඳි මලේ
කැලේ කොලේ කල එලි දැන් ගිනි කොමලේ
මදේ නැගුනු සංකා දුක් තුනී කලේ
මලේ ඇයයි නුඹ මා වෙත තුරුළු කළේ.....

දැවේ දැවේ උඹ තරමට මම
මැවෙයි මැවෙයි පෙරදා දුටු හින මාළිග
සිහින ලොවක පාවී යන අතර තුර
නුඹත් නිමා විය ඇය මෙන් සුවඳ ඉතිරි කර.....

හඬා වැටෙන වැළපෙන හිත ළඟ
ගරා වැටුණු සිතුවිලි එකිනෙකට යා කොට
බලා සිටිමි සඳ තරු කැට මැද
බලාපොරොත්තුව විතරද තනියට උරුම....

මලේ මලේ මල වට පෙති නොරැඳි මලේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.