Lyrics
මල්බර හිමිදිරියේ
කොයිබද සමනලියේ
යන්නේ හිරු එළියේ
කියන්න සියුමැලියේ
සීතල මද පවනේ
මම මල් ගොමු වෙත යන්නේ
මා සොයමින් එන්නේ
මගෙ පෙම්වත හමුවන්නේ
මී මැසි බඹරුන්
පරදා හැර මම
ඔබ වෙතටම දුවමි
ලා හිරු රැස් වැද
බබලන ඔබෙ තටු දෙක
මම සිප ගනිමි
රන් තරු මුසු මල්
කිරුළක් සාදා
ඔබේ හිසේ තබමි
රන් විමනක මැද
ඔබ වෙනුවෙන් පෙම්
රජ දහනක් මවමි
මල්බර හිමිදිරියේ.../
සීතල මදපවනේ
මම මල් ගොමු වෙත යන්නේ
මා සොයමින් එන්නේ
මගෙ පෙම්වත හමුවන්නේ
මල් පෙති අග රැඳි
පිණි බිඳු එක් කොට
ඔබෙ මුව පිරිමදිමි
මල්වල රොන් ගෙන
එම හා මුසු කොට
රස කර එය පොවමි
මල් අතරින් මම
හොඳම මලක් ගෙන
ඔබ වෙත එය පුදමි
ඒ සැමටම වැඩියෙන්
අගනා මගෙ
හදවත ඔබට දෙමි
සිරිබර හිමිදිරියේ
ආසිරි පැතිරෙන්නේ
මල් පෙති විසිරෙන්නේ
ගී හඬ මුසු වෙන්නේ
කොවුලන් නද දෙන්නේ
පොඩි කුරුලන් නද දෙන්නේ
අප දෙස බලමින්නේ
උන් සැමදෙන හිනැහෙන්නේ