මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයිmaalathii numbayi numbatath aadharee thamayi

Malathi Nubai Nubatath Adare Thamai

Lyrics

මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
ජීවි‍තේ දුකයි ගලන්‍නෙ කඳුළු මල් දමයි
කඳුළු මල නුඹයි දැන්නම් සුවඳ නැති හැඩයි
අසම්මත ‍පෙමක නුඹ ‍පෙම් කවිය වී හඩයි
මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි

ලැමට තුරුලුවු ‍ගෝමර සඳට අත වනයි
මනමාලකම් කරන රෑ සඳ නුඹට තුරුලුවෙයි //
බාල ‍බොලඳ නු‍‍බේ හිතට සුවඳ හාදු ‍දෙයි
හාදු ‍දෙ‍තොල් ‍පෙතිවල කිරි සුවඳ ගලා යයි

මාලතී නුඹයි ....

සඳ එළි‍යේ රුවට සපිරි කුමුදු මල නුඹයි
‍කෝල ‍කොමල රැව නුඹ‍ගේ අතින් අතට යයි //
කාසි ‍කොලවලට ‍සෙයිල‍‍මේ රැය පහන් කරයි
‍හෙටක් ගැන ඉතින් මට දැන් හිතන්නට බයයි

මාලතී නුඹයි ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.