මලට සුවඳ සේ යොවුන් ජීවිතේmalata suwanda see yowun jiiwithee

Malata Suwanda Se Yowun Jiwithe

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කුමාරදාස සපුතන්ත්‍රීkumaaradhaasa saputhanthrii

Lyrics

(මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමූ අපි නැවුම් ආදරේ)..//
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි

(බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී)..//
ඔබ සොයා ඒ මා සොයා ඒ
සසල ලොවම නිසල සෙනෙහසින් බැඳේවී

මලට සුවඳ සේ.../

(නෙතට නුහුරු කඳුල නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී)..//
සඳ ලතාවේ හිරු සිනාවේ
නොහිමි නිහඬ අරුත ආදරේ කියාවී

මලට සුවඳ සේ.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.