Lyrics
මලකින් මලකට ගොස් පැණි බොන්නද
මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ
මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ
කරුවල මහ රෑ කෙලෙසද හිමියනි
මල් වල හැඩ රුව හඳුනා ගන්නේ
මල් වල හැඩ රුව හඳුනා ගන්නේ
අළුත් මලක් යයි අමතක වී ඔබ
පැණි බිව් මලටම වැරදී එන්නේ
ඒ ආ විට මම පෙති හකුලාගෙන
නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ