මලකැයි කියාmalakaeyi kiyaa

Malakai Kiya

Lyrics

නිල් අහස කඳු මුදුන සිප දිවගියා...
දුර ඈත සඳ සිහිලෙ සිත වැතිරිලා...
දෙව් සිහින මිහිතලය උර පාවෙනා...
හද බන්දා තරු මාලා ගෙල දිලිසුනා...

ආදරය දුටු සිහින සුව, ගොඩනගා...
මං හින්දා නුඹ අහසෙ රුව දල්වලා...
හද පතුළ ආදරය උඩ පා කරා...
ලා.....ල.....ල......ලා.......

මලකැයි කියා... මලකැයි කියා.......
සිතුවේම නෑ ඔසු මලකැයි කියා..
සිතුවේම නෑ ඔසු මලකැයි කියා...
ඈත ඉම නොදුටූ මල් පොකුරූ නෙලා
සවන් පා මත් බඹරුන්ගෙ කෙඳුරුම් නාදේ...

ආදරය දුටු සිහින සුව, ගොඩනගා...
මං හින්දා නුඹ අහසෙ රුව දල්වලා...
හද පතුළ ආදරය උඩ පා කරා...
දුර ඈත සඳ සිසිලෙ සිත වැතිරිලා...
දුර ඈත සඳ සිසිලෙ සිත වැතිරිලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.