මලක සුවඳ දැනෙන්නේmalaka suwanda dhaenennee

Malaka Suwanda Danenne

Lyrics

මලක සුවඳ දැනෙන්නේ
මලක සුවඳ පතන්නේ
ඒ මල පරවුනුදාටයි
ඔභට මාව වටින්නේ
සෙනෙහස් දුක ඇවිලෙනදාටයි //

වෛර කරන හදවතින් ඔභ හිතන්නෙපා
ඔබ හද තුල සෙනෙහස යාවී
වෛරය රුදු හැඟුමන් ඒවී

මලක සුවඳ ....

වෛර කරන ඇස් වලින් ඔබ බලන්නෙපා
වෛරයේ ගිනි පුළිඟි දැවේවී
නිල් නෙතු අවලස්සන වේවී

මලක සුවඳ ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.