මලක් විලසින්malak wilasin

Malak Wilasin

Music:
දර්ශණ වික්‍රමතුංගdharshana wikramathunga
Lyrics:
ප්‍රියංකරගේ බන්දුල ජයවීරpriyankaragee bandhula jayawiira

Lyrics

මලක් විලසින් ඔබේ නිර්මල 
ප්‍රේමයේ පූජාසනේ 
තුටින් පුද දෙමි මගේ පණ නල 
නමින් ඔබගේ ප්‍රේමයේ 
(මැනේ මා කුමරියේ...//)
නොනිමි දෙනුවර අන්දරේ 

ඔබේ දෙනයන කඳුළු පිසහැර 
මගේ සිහිනය හෙලා කඳුලක 
ඔබේ පෙම් ලොව පහන දල්වා 
නික්ම යන්නට පතමි අවසර
(මැනේ මා කුමරියේ...//)
නොනිමි දෙනුවර අන්දරේ 

මගේ කඳුලින් මල් පිපුණ ලොව 
දිනූ සෙනෙහේ කිරුල රැකගෙන 
සුවෙන් සතුටින් හිඳින් සොඳුරිය 
මලත් නොමියෙන සතුට එය මට 
(මැනේ මා කුමරියේ...//)
නොනිමි දෙනුවර අන්දරේ 

මලක් විලසින් ඔබේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.