මලක් වී මා පිපෙනවා නම්malak wii maa pipenawaa nam

Malak Wi Ma Pipenawa Nam

Lyrics

මලක් වී මා පිපෙනවා නම්
බුදු සුවඳ ගලනා ඉසව්වේ
ජීවිතේ ගංඟාව හිනැහේ
ලොව්තුරා බුදු පා දනව්වේ්

සුවඳ පිරි මල් යාය මැද්දේ
සාදු නාදේ සොඳුරු සද්දේ
සිතට නංවන සතුට සොම්නස
බුදු පියාණෙනි ඔබෙනි ලද්දේ

මල් වී මා .......

මිනිස් බව ලද මහරු අරුමේ
බුදුන් බණ පද රැදේ සවනේ
ගීත රාගේ රහත් සෙවණේ
සිත නිවී යයි කඳුළු අරණේ

මලක් වී මා .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.