Lyrics
මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරි යන්න
ප්‍රේමයේ රස කල්පනා
හදවතේ තව මවා දෙන්න
නැවුම් සඳක් වී මල් මාවතේ
මුතු සලා ඔබ සිනාසෙන්න
මලක් වෙලා.......
මා නෙතේ සුව සිහිනයේ
මේ ලෙසේ ඔබ රැදී ඉන්න
පවන් රොදක් සේ මා ලඟ රැදී
ජීවිතේ දුක නිවාලන්න...
මලක් වෙලා.......