මලක් සිඹින්නදී යළිmalak simbinnadhii yali

Malak Simbinnadi Yali

Lyrics

මලක් සිඹින්නදී යළි උදුරා ගන්න නම් එපා
නුඹේ සෙනෙහස පුදා මා රවටා යන්න නම් එපා
මහ මෙරක් තරම් ඔබ ගැන මැවූ ප්‍රේම කල්පනා
සැඩ සුළං රොදක මුසුවේ නම් දැනෙයි වේදනා...

දුහුවිල්ලක කරමකවත් 
නුඹ හිතන්නෙපා අහිතක් //
ඔබ නොදැක ඉන්න මොහොතක්
මට කල්ප කාන්තරයක්...

මලක් සිඹින්නදී...

පවනැල්ලක දැවටීවත් මට
එන්න හිතෙයි රහසින් //
පෙර අත් භවයක පැතුමින් 
අපි සෙනෙහෙ පුරමු රහසින්...

මලක්  සිඹින්නදී ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.