මලදාක තනිකමටmaladhaaka thanikamata

Maladaka Thanikamata

Music:
චමත් සංගීත්chamath sangiith
Lyrics:
උවිඳු දයාරත්නuwindu dhayaarathna

Lyrics

හංගන්න මොනවත්ම දැන් ඉතුරු නෑ
ඇස් දැක්ක දේ මටම අදහන්න බෑ
බොරු කරලා හුරු ඔබට මං අගය නෑ
වැට පැන්න ආදරය ගෙට ගන්න බෑ

(මලදාක තනිකමට දවසක් හරි
ඇවිදිල්ලා තනි රැක්කොතින් මට ඇති...//)

දිනුවාට වඩා හරිම සතුටුයි මටත් 
පැරදුනට ඔබ ගාව දුක නෑ ටිකක් 
එක තැනක දෙතැනක ලොවෙයි සිය තැනක් 
මට වැරදුනා අඩු නැතිව එක බිඳක්    
 
(මලදාක තනිකමට දවසක් හරි
ඇවිදිල්ලා තනි රැක්කොතින් මට ඇති...//)

හැමතිස්සෙම කියවනවා කෙටි පණිවිඩ 
මට ඉතුරු අන්තිමට එය විතරද 
ජය වේවා පෙම්වතියේ සමුගෙන ගිය 
මුල් පෙම්වතා දැන් ඉතින් මොකටද 

හංගන්න මොනවත්ම දැන්......

(මලදාක තනිකමට දවසක් හරි
ඇවිදිල්ලා තනි රැක්කොතින් මට ඇති...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.