මාල වළළු වැල්maala walalu wael

Mala Walalu Wel

Music:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
Lyrics:
කිංග්ස්ලි දිසානායකkingsli dhisaanaayaka

Lyrics

මාල පබළු වැල් කර වටලන්නට
තෝඩු අරුංගළ් තෑගි ගෙනනේනට
දවසක් ඒවිලු බිනර මහේ - බිනර මහේ

කෝළ කොමළ ඉඟි මුව්න් සිනා සී
හීන් හඬින් කොඳුරමින් එදා කී
හිරිමල් සී පද තාම ඇසේ

ගිරා කොබෙයියෝ රංචු ගැහී - වැව් ඉස්මත්ත්‍ෙ
ආල කතාන්දර රහස් කියනවලු
උන් උන් අපි ගැන කතා කරනවලු
ළං ළං වීලා - ළං ළං වීලා 

හීන ඉසව්වේ පෙරුම්පුරාලා - එන හීනේ
හිකතට හිතක් නැත මෙහෙම හිතක් නැත
බිනර මලක් ළඟ බඹර නඩක් ඇත
ළං ළං වීලා - ළං ළං වීලා 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.