මල සරසාගෙන (ඒ මගේ මලයි)mala sarasaagena (ee magee malayi)

Mala Sarasagena (Ae Mage Malai)

Lyrics

මල සරසාගෙන මල් නැලෙවෙන කොට 
ඒ මල දුටුවේ මමයි 
හිමි කාරයා මමයි 
ඒ මගේ මාලයි...//

මල වටකරගෙන මල් හිනැහෙන විට 
ඒ ළඟ හිටියේ මමයි 
හිමි කාරයා මමයි 
ඒ මගේ මලයි...//

පියගැට මුදුනින් පිටුපා යන කොට 
අපහසු හැරී බලා 
හිනැහුනේ මටයි හිනැහුනේ මටයි
හිමි කාරයා මමයි 
ඒ මගේ මලයි...//

උඩ මහා මළුවෙන් වැදගෙන එන විට 
යන්නට ඉඩ හැරලා 
අත වැනුවේ මටයි අත වැනුවේ මටයි
හිමි කාරයා මමයි 
ඒ මගේ මලයි...//

හිමි කාරයා මමයි 
ඒ මගේ මලයි...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.