මල පොතේ අකුරුmala pothee akuru

Mala Pothe Akuru

Lyrics

මල පොතේ අකුරු බෑ කී මිනිසා
ඉංගිරීසි පත්තරයක් මුල ඉඳලා අගට බලනවා
අග ඉඳලා මුලට බලනවා
කොහෙන් ඉගෙන ගත්ත ද මන්දා
මල පොතේ අකුරු බෑ කී මිනිසා

මං කැන්දන් එන දවසේ කන අස්සන ගැහුව කෙනා
පුංචි පුංචි තුන්ඩු කෑලි එකට තියනවා
මෙන්න බොලේ ඉංගිරීසි අකුරු ලියනවා

මල පොතේ අකුරු ......

පාන්දරම කඩේ ගිඑින් ගෙනා පත්තරේ බලලා
මූණ නරක් කර දෑතේ නියපොතු කනවා
කහට කෝප්පය පැත්තක සීතල වෙනවා

මල පොතේ අකුරු ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.