මල කොතැන පිපුණම මොකදmala kothaena pipunama mokadha

Mala Kothana Pipunama Mokada

Music:
සුරේෂ් මාලියද්දsureesh maaliyadhdha
Lyrics:
අතුල අයදේවathula ayadheewa

Lyrics

මල කොතැන පිපුණම මොකද
පිපුණ වග මල දන්නවා
ගඟ කොතැන ගැලුවම මොකද
ගලන වග ගඟ දන්නවා
සඳ කොතැන දිලුනම මොකද
දිලෙන වග සඳ දන්නවා
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මං දන්නවා

විලේ ලස්සන තවත් විල් දියේ මලුත් පිපුණොත් තමා
දොලේ ලස්සන තවත් දොළ දියේ පෙණත් මැකුනොත් තමා
ස‍ඳේ ලස්සන තවත් සඳ දියේ තරුත් දිලුනොත් තමා
නුඹේ ලස්සන තවත් නුඹේ සිතේ මා සිටියොත් තමා

මල කොතැන පිපුණම මොකද
ගඟ කොතැන ගැලුවම මොකද
සඳ කොතැන දිලුනම මොකද
නුඹ කොතැන සිටියම මොකද

මල කොතැන පිපුණම මොකද .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.