Lyrics
මල්යායේ සමනල්ලු පාළුවේ ගිහින්
ඉස්කෝලේ අන්තිම දවසයි අපේ //
කවදත් මේ වාගේ මල් ඉහිරෙන පාරේ
කවදාද යන්නේ ඉස්කෝලේ ආයේ
සුවඳත් අද වගේ පෙරළේ හද යායේ
සමුගන්න කඳුළින් දෙනුවන් පිරීලා
මේ අපේම පන්තියේ යාළු යෙහෙළියෝ දමා
හැර යන්න මට බෑ පාසල් බිමෙන් එහා
මල් යායේ සමනල්ලු ....
වැහිදාට පාරේ මඩ බින්දු ඉහිලා
සුදු පාට ගවුමේ සිතුවම් පිරිලා
පාඩම් කියෝලා ගී සින්දු කියලා
වේලාව නොගෙවා ගුරු සිත් නිවාලා
ජීවිතේ කතන්දරේ හෝඩියේ ඉදන් ලියූ
ඉස්කෝලේ යුගයේ නිම වේවි දුකෙනී
මල් යායේ සමනල්ලු ... //