Lyrics
මල් වියන් අතුරා ආදරෙන් ඔබ එන මග මා සරසන්නම්
කීවෙමි එදා සෙනෙහේ සිතින්
නෑ හදේ තරහා සිතන්නෙමි ඔබේ සිනහව
අමතකලන්නෙම් නම් කෙසේ කියා
සැමදා මෙසේ සැලුණා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමි.......
මල් වියන් අතුරා ආඩම්බරෙන් ඔබ එන වග මා පවසන්නම්
කී වදන් මෙදා බොඳ වී ගිහින්
වාවන්නෑ සොමින් ඔබ හා ගෙවූ දවස් මතකෙට නැගෙනා
හැම මොහොතකදී හදේ සඟවාගෙන ඉන්නෙමි
සැලුණා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමි.......
හැර යන්නෑ මා කිසිදා අප මැවූ දිවි ගෙවූ කතා
සුන්දර මතකයන් පවා සැමදා රැඳී තියෙයි මා හා
(සැලුණා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමි.......//)