මල් වට්ටියක් වෙන්දේසියක්mal wattiyak wendheesiyak

Mal Wattiyak Wendeesiyak

Lyrics

මල් වට්ටියක් වෙන්දේසියක්
පන්සලේ ලොකු පිංකමක් බුදු හිමියනේ
ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක්
මල් වට්ටියක්... //

පිනට දහමට නුහුරු අතහිත
දුකට පිහිටට නොහිටි නෙත සිත
තරඟයට වැද උනුන් සිත් පරදා
මහන්තත්වය රකීවී

මල් වට්ටියක්...

තරඟ ඇති මුත් ලොවේ දස අත
තරඟ කුමටද බුදුන් පිදුමට
සතර රියනක තනිව සැතපෙන දා
තරඟයද කෙළවරක් වේ

මල් වට්ටියක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.