මල් වැස්සේ මංmal waessee man

Mal Wasse Man

Music:
ප්‍රියල් දිසානායකpriyal dhisaanaayaka
Lyrics:
මධුෂි විජේරත්නmadhhushi wijeerathna

Lyrics

රොන් සුවඳ අරන් වස්සානයේ මල් සුවඳට බඹරු ඇදී
පිනි බින්දු මතින් හන්තානයේ තනි වන්නට ඔබ සමඟින්
මල් වැස්සේ මං ඔබ හා අරන් රොන් සුවඳ දැන්
විඳිමින් සුවින් ඉන්නම් ඉතින් මල් රොන් මතින්
මල් වැස්සේ මං....
මල් වැස්සේ මං ඉන්නම් අරන් ඔබ එන්න දැන් 
මා හා ඉතින් පවනේ වෙලී 
ඉන්නම් ඉතින් මල් වැස්සේ මං.....

මල් සුවඳ අරන් වස්සානයේ ඔබ එනවද ළඟට ඇදී
පිනි සිසිල අරන් හන්තානයේ තනි වන්නට මා සමඟින්
මල් වැස්සේ මල් සුවඳත් අරන් තනිවෙන්න දැන් ඔබ හා ඉතින් 
පවනේ වෙලී ඉන්නම් ඉතින් මල් වැස්සේ මං.....
මල් වැස්සේ මං තනිවෙන්න දැන් ඔබ හා හිතින් ළං ළං වෙමින්
සුවඳත් අරන් ඉන්නම් ඉතින් මල් වැස්සේ මං
මල් රොන් මතින් ළං ළං වෙමින් තනිවෙමු ඉතින්
පිනි බිඳු මතින් ළං ළං වෙමින් තනිවෙමු ඉතින්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.