මල් වරුසාවේmal warusaawee

Mal Warusaawe

Lyrics

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ...තරු කැට අතරින්
ඔබ එනවානම් - රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ...
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්.....

පිණි දිය විසිරුනු ගං ඉවුරේ
දිය රල බිදුනේ ගී හඩ සේ..
ඔබ මා වූ සිහින පැලේ
සෙනෙහේ දැනුනේ...
මල් වරුසාවේ...පාවී එන්නම්
පාවී එන්නම්.....

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.