මල් වැහි සීතල මල් වැස්සේmal waehi siithala mal waessee

Mal Wahi Seethala Mal Wasse

Music:
එම්. කේ. රොක්සාමිem. kee. roksaami
Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ...////

මනමාලියක් ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ
ආදරයකි මාගේ මදහාසයක්ද යාවේ
මේ නෙත් මිණි පහනේ රන් කාන්තිය පාවේ
මඳ සීතල යාමේ කුමරිය ළඟ මා වේ
මනමාලියක්ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ..//

පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳීමි මා 
සීතලේ ද නැති වී උණුසුම විඳීමි මා
රණ හංස රාණි මා වේ ඔබ ප්‍රේම විලේ පාවේ
රණ හංස රාණි මා වේ ඔබ ප්‍රේම විලේ පාවේ
පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳීමි මා...

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.