මල් තරු මල් නුඹේ දෑතේ හංගලාmal tharu mal numbee dhaethee hangalaa

පැහැසරා - Mal Tharu Mal- Pahasara

Lyrics

මල් තරු මල් නුඹේ දෑතේ හංගලා 
පෙම් සුසුමන් ඔය නලලතේ රන්දලා 

හදින් හද යාවීලා 
නේක මල් සුවදීලා 
නුඹේ ලෝකෙ සාවී මන් 
පැහැසරා......//

අපේ නමින් මතුදා මල්වියන් 
දිනෙක දෝලාවෙන් යයි ගමන් 
ගයාවී ප් ‍රේම ගීතයන් 
ඒ තාලේ නේක වර්ණයන් 
පායා ඒවි තරු වියන් 
අපේ නමින්.....

මල් තරු මල් නුඹේ.....

තුරු ලියෙන් හමනා ඒ සුළං 
හාදු මල් වරුසාවෙන් එක්කරන් 
දැනේවී ප් ‍රේම තාලයන් 
විදීවී පාට හීනයන් 
පියඹා ඒවි සමනලුන් 
අපේ නමින්.....

මල් තරු මල් නුඹේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.