Lyrics
(මල් සිහින සොයා සිත ඉගිල ගියා
මගේ හුස්ම පවා නෙත් පාන හිනා
ආදරය කළා සුසුම් හදට පවා
හිත ළඟට වෙලා මං හිඳිමි බලා.....//)
(තරු රෑනේ සඳ වාගේ
තුරු යායේ මල වාගේ
මේ දෑසින් වෙලා ගන්නෙමි.....//)
ජීවිතේ ගඟුලැල්ලේ ආදරේ සහිරැල්ලේ
සිහින සුළඟේ මා පාවෙන්නෙමි.....
(ඔබ මාගේ මා දෑසේ දිදුලනා පෙම රහසේ
දිවිය සේ මාගේ රැකගන්නෙමි......//)
සිත් අහසේ මල් යහනේ
සිතුවමක බැඳි සෙනෙහේ
නෙත් මානේ සැතපී ඉන්නෙමි.......
මල් සිහින සොයා......